අතීතයේ අධ්‍යාපනය ගැන විමසන විට පෙනී යන්නෙ ගුරු ගෝල සම්බන්ධය වර්තමානය ට වඩා වෙනස් අයුරකින් තිබූ බවයි.ඒ බව,
වේවැල් කෝටු නාරං සියඹලා අතූ
කිතුල් පොල් ඉරටු වැල් කහබිලියා අතූ
මෙවැනි ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ
පමා නොවී එමි අකුරට මෙයින් මතූ
ලෙස ඉහත පද්‍යයෙන් ගම්‍ය වන්නේ අතීතයේ දඩුවම් ක්‍රමය ශාරීරිකව ලබා දුන් බවත්, එකී දඩුවම් ලබා ගත් අය කිසි දිනෙක වැරදි මාර්ගයේ ගියේ නැත.නමුත් මීට දශක ගණනාවකට පෙර පැවති තත්ත්වය වර්ථමානයේ නොමැතිවීම පිළිබඳ ව සතුටු විය හැකිය. විනය මාලාව යහපත් ලෙස ක්‍රියාත්මක වීමට නම් වර්තමානයේ දඩුවම ලබා දීම එක්තරා ක්‍රමයකි. එය ශාරීරික ලෙස මෙන්ම මානසික ලෙස ද ලබා දීම කළ හැකිය. ශාරීරික දඩුවම් අතීතයේ අද්‍යාපනය පද්ධතිය තුළ සුප්‍රසිද්ධ වූවද වර්තමානයේ දී දරුවන් ඇතැම් විට මානසික දඩුවම් වලට ලක්වන ප්‍රවණතා ව වැඩිය. පාසල් තුළ විනය හැඩගස්වනු ලැබීමටද ඇතැම් විට දඩුවම් ලබා දීම ද සිදු කරයි.පාසලේ විනය පිළිබිඹු වන දර්ශක කිහිපයකි.
එනම්,
*පන්ති කාමරයේ සිදුවන ඉගෙනුම් ක්‍රියාවලියට පූර්ණ අවධානයෙන් සහභාගි වීම.
*පාසල් පර්‍යන්තයේ සිසුන්ගේ ක්‍රමවත් හැසිරීම.
*සිසුන් කෙරෙන් පළවෙන ස්වයං ශික්ෂණය
*ඉහළ ඉගෙනුම් අභිප්‍රේරණය හෙවත් සිසු ඉගෙනුම් උද්‍යෝගය
විනය තැනීමේදි මෙම දර්ශක පිළිබිඹු කරන්නට නම් දඩුවමට නොයා පුද්ගලයා භාහිර, අභයන්තර චර්යා පද්ධතිය වෙනස් කිරීම යෝග්‍ය වේ. වර්තමානයේ විනය ස්ථාපනය උදෙසා ගුරුවරුන්ට ඇති සමාන බලයක් පාසල් ප්‍රජාව නියෝජනය කරන ශිෂ්‍ය නායක නායිකාවන්ට ලබා දී ඇත. ඔවුන් ගුරුවරුන්ට වඩා අභිබවා ගොස් දරුවන් පාලනය කිරීමක් දැකිය හැකිය.පාසල් නිල ඇදුම,සිසුන්ගේ කොන්ඩය ආදිය පිළිබදව ගන්න විනය දඩුවම්වලදී ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ඇතැම් චර්‍යාත්මක හැසීරීම් නිසා පාසල් තුළදී හා ඉන් පිටතදී දරුවන් මහත් අපහසුතාවයකට පත් වේ.පාසල තුළදී ඉගෙනුම් අභිප්‍රේරණය නොදක්වන විට ඊට දරුවන් උදෙසා මානසික දඩුවම් ලෙස දක්ශ දරුවන්ට පමනක් අවධානය ලබා දී ඔවුන්ට පමනක් අවධානය යොමු කිරීම තුළින්ද සෙසු දරුවන් ඉදිරියේ දුර්වල දරුවන් ගේ නොහැකියාව කියාපෑම තුළින් දරුවන් තවත් ඉගෙනීමට ඇති රුචිය මෙන්ම විනය තැනීමට කියා දඩුවම් ලබා දුන් විට ,එය ලබා දුන් ගුරුවරියද පසුව පංතිකාමරය ද පාසල ද එපා වීමට ලක් වී පාසල් ගමනද අඩාල වීමට ලක් වේ.එනිසා පාසල් කළමනාකරණය තුළදී දරුවන්ට විනය හැඩ ගැස්වීමට නම් ඒවෙනුවට දඩුවම නොව අවවාදය ලබා දී චර්‍යා ධනාත්මක කිරීම ප්‍රායෝගික ලෙස සාර්ථක ක්‍රමයකි.
දරුවන්ට වැරදි සහගත දේවල්වල අනිසි බලපෑම, එය ගැඹුරු වූ අවවාද මගින් සිතට දැනෙන්නට ලබා දුන් විට නැවත ඔවුන් වැරදි කිරීමේ ප්‍රවණතාවය අඩු වේ.දඩුවම් ලබා දෙන්නේ ඒ අනුව දරුවකු නොමඟ යන විටදීය. ඒ නිසා දරුවා නොමඟ යන විට පාසල තුළදී ගුරුවරුන් ලෙස අයහපත් චර්‍යා ඇත්නම් ඒ දරුවන්ට අවවාද ලබා දුන්නත් ඔවුන් නිවැරදි මාර්ගයේ නොයයි නම් විවිධ ධනාත්මක උපස්ථම්භන ලබා දී චර්‍යාව යහපත් කරවාලීම ද කළ හැකිය.වර්තමානයේ බොහෝ රටවල මේ ශාරීරික දඩුවම ඉවත් කර තිබේ. දරුවන්ට යහපත් ඉගෙනුම් වටපිටාවක් සකස් කර දී ඇති ෆින්ලන්තය වැනි රටවල දඩුවම යන වචනය පවා භාවිතයට නොගන්නා තරම් ය. එසේම දරුවන්ට දඩුවම් ලබා දීම වෙනුවට ඔවුන්ටම සමාජයේ අත්දැකීම් තුළින් තම චර්‍යා හැඩගැස්වීමට අනුබල ලබා දීම ද එක්තාරා අයුරක සාර්ථක ක්‍රියාවලියකි. දඩුවම පාසලින් තුරන් කිරීමට නම් ඒ වෙනුවට චර්‍යාව යහපත් ලෙස හැඩගැස්වීමට නම් උදෑසන රැස්වීම්, විශේෂන සම්මන්ත්‍රණ, දෙමාපිය රැස්වීම් ආදිය තුළින් ද දරුවන්ට තම හැසිරීම් නිවැරදි කිරීමට උපදෙස් ලබා දීම සිදු කල හැකිය.
වර්තමානයේ ඇතැමුන් තමා පරිපූර්ණ මිනිසෙක් ය යන උද්දච්ච හැගීමෙන් යුත් බොහෝ දෙමාපියන් තම දරුවාට පහර දෙන්නෙ තමාගේ ම අච්චුවක් හෝ තම ෆැන්ටසියක තුළ ජීවත් වන පරිපූර්ණ මිනිසෙකු හෝ ගැහැනියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය. ඇතැම් විට වැඩිහිටියන්, ගුරුවරුන් පෞද්ගලික පීඩා දරුවන් පිටින් යැවීම උදෙසා දඩුවම් ලබා දීම් වලට ලක් කරති. දෙමාපියන් දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදි සිය වැඩිහිටියන්ගෙන් ලැබුණු දඩුවම් වල ආභාසය නිසාවෙනි. තමා යහපත් වැඩිහිටියකු වූයේ තම දෙමාපියන් අපිට ගැසූ නිසා ය යන්න පාරම්බාමිනි.
දඩුවම ගැන දෙමාපියන්ගෙන් විමසූ විට ඔවුන් ඇතැම් විට පවසන්නෙ මෙවැනි අදහසකි. 'අපි අද මේ තත්වෙ ඉන්නෙ අපේ තාත්තල අපිට මතක හිටිනකල් ගැහුව නිසයි.' ආදී ලෙසිනි. වර්තමානයේ මෙවැනි ලෙස ශාරිරික දඩුවම් ලබා දුන්නොත් දරුවාට දීර්ඝ කාලීන ලෙස ගුරුවරුන් දෙමාපියන් කෙරේ වයිර බදින තත්වවලට පවා පත් විය හැකිය. දඬුවම යනු හුදෙක් තාවකාලික වූ අයහපත් චර්‍යාව පාලනය කරන ක්‍රමවේදයකි.
දඩුවම් ලෙස,
* දණ ගැස්සවීම
* වේවැල් පහර දීම
* තර්ජනය කිරීම (පංතියේ ඉන්න දුර්වලම ළමයා තමා ඔයා ආදී ලෙසින් නිග්‍රහ කිරීම)
ආදී දඩුවම් ලබා දුන්නද එකී දේ නිසා චර්යාව හැඩ ගස්වාගන්නා අය මෙන්ම චර්යාව තව තවත් අදුරු කරගන්නා දරුවන්ද වේ. දරුවන්ගේ සුන්දර වූ පාසල් ගමන මෙවැනි දඩුවම් නිසා අසුන්දර බවට පත කිරීම නොකිරීම පාසලේ කාර්‍යභාරය වේ.
ඒ අනුව දඩුවම් පාසල් තුළට නොගැලපෙන ක්‍රියාවලියකි. කෙවිට භාවිතා කරන්නෙ හරකුන් දැක්වීමට මිස දරුවන් මෙල්ල කිරීමට නොවන අතර ඔබේ පංති කාමරයේ ඔබේ දරුවා වහු පැටියෙක් නොව දරුවෙකු යැයි සිතා ක්‍රියා කල යුතු අතර වරදට ශාරීරික හා මානසික ලෙස දඩුවම් ලබානොදී චර්‍යාව යහපත් කිරීම උදෙසා වරදක් කල විට අවවාද අනුශාසනා ලබා දී වරදට හේතු පහදා දී දරුවා යහමග ගත යුතුය. ඒ අනුව දඩුවම පාසලට යෝග්‍ය නොවන ක්‍රියාවලියකි.
Article Writer :- Hashini Imalsha
No comments:
Post a Comment